Wednesday, September 23, 2009

නවීන ක්‍රමවේද භාවිතයෙන් සීගිරිය සංරක්‌ෂණය කළ යුතු වනවා

නවීන ක්‍රමව භාවිතයෙන් සීගිරිය
සංරක්‌ෂණය කළ යුතු වනවා


නව තාක්‌ෂණයට අනුව ඉදිකෙරෙන පාලමක්‌
"සීගිරිය කියන්නේ අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ දේශීය දැනුම, දේශීය උද්‍යාන, අලංකාරය, වාස්‌තු විද්‍යාව, ගොඩනැඟිලි ඉදි කිරීම, චිත්‍ර කලාව වැනි අගනා සාහිත්‍යයක්‌ ලොවට කියා පෑ ස්‌ථානයක්‌. වසර මිලියන 2500ක්‌ තරම් පැරැණි සීගිරි ගල අද දිරාපත් වීමට ලක්‌ වෙලා. ගල් කොටස්‌ පහළට කඩා වැටීමේ තර්ජනයටත් ලක්‌ වෙලා.

මේ තත්ත්වයෙන් සීගිරිය ආරක්‍ෂා කර ගැනීමට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යංශය ඉදිරිපත් වී සිටිනවා." යනුවෙන් පරිසර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සීගිරියේ පැවති මාධ්‍ය හමුවක දී පැවසී ය. මෙහි දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍ය රණවක මහතා "මේ සඳහා මූල්‍යාධාර සපයන්නේ ජපානයේ ජයිකා සමාගමයි. කැටපත් පවුරට පහළින් තිබෙන ප්‍රදේශ දිරාපත් වෙමින් තිබෙන නිසා කැටපත් පවුරට හානි වීමට තිබුණු ඉඩකඩ මේ නව ක්‍රමවේදවලින් අවම කර තිබෙනවා. පිපිරුණු ගල් නව විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව ගලට සවි කර තිබෙනවා.

සීගිරි බිතුසිතුවම් වගේම සිංහ පාදයෙන් ඉහළ ප්‍රදේශ දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ට නැරඹීමට පහසු වන පරිදි මාර්ගය පළල් කර ආරක්‍ෂාකාරී අන්දමට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරින්ගේ අධික්‍ෂණය යටතේ ඉදි කෙරෙනවා" යනුවෙන් පැවසී ය. මෙහි දී භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යංශයේ භූ භෞතික විද්‍යාඥ ආචාර්ය නලින් ද සිල්වා අදහස්‌ දක්‌වමින් "අපි මේ කරන්නේ නවීන විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව සීගිරිය භූමිය අභ්‍යන්තරයේ ස්‌වභාවය හඳුනා ගැනීමයි.

මේ නියමු ව්‍යාපෘතියේ කාලය මාස 15යි. මෙහි දී භූ චුම්බක ක්‍රමවේද වැනි නවීන විද්‍යාත්මක ක්‍රමවේද ආධාරයෙන් භූමිය තුළ වැළලී තිබෙන පුරාවිද්‍යාත්මක වශයෙන් පෙර කවර හෝ වටිනාකමක්‌ ඇති වස්‌තු ඇතැයි සිතෙන තැන් හඳුනාගෙන එහි දත්aත හා තොරතුරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දීමට බලාපොරොත්තු වනවා. මේ ආකාරයට භූමිය නිරීක්‍ෂණය කිරීමෙන් ලබාගන්නා ත්‍රිමාණ රූප ආධාරයෙන් කැණීමට අවශ්‍ය ස්‌ථාන නිවැරැදිව හඳුනා ගැනීමට හැකි වන නිසා භූමියේ හා ස්‌ථානයේ විනාශයක්‌ සිදු නො වී කැණීම් සිදු කිරීමට හැකි වීම විශාල වාසියක්‌a සීගිරි ව්‍යාපෘතියෙන් පසු අනුරාධපුරයේ හා පොළොන්නරුවෙත් මෙම ක්‍රමෙවේද භාවිත කරමින් භූමිය හඳුනා ගැනීමේ කාර්යයෙහි නිරත වීමට අදහස්‌ කරනවා යනුවෙන් පැවසී ය

No comments:

Post a Comment