"මම ජ්යෙෂ්ඨයන්ට ගරු කරන්න දන්නවා"
අනර්කලී ආකර්ෂා
තමා ජ්යෙෂ්ඨයන්ට ගරු කරන්න දන්නා බවත්, ඒ අයගේ උපදෙස් හා ආශිර්වාදය තමා නිතරම අපේක්ෂා කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාලු දිස්ත්රික් අපේක්ෂිකා අනර්කලී ආකර්ෂා මෙනවිය "දිවයින" ට පැවසුවාය.
දේශපාලනයට පැමිණි යොවුන් පරපුරේ කෙනෙක් ලෙස වැඩිහිටියන්ගේ, ජ්යෙෂ්ඨයන්ගේ සහාය හා ආශිර්වාදය නැතිව දේශපාලන ඉදිරි ගමනක් යැමට අපහසු බව ද ඇය පෙන්වා දුන්නාය.
පක්ෂයේ ජ්යෙෂ්ඨයකු පමණක් නොව කුඩා ළමයකු වුවත් හොඳ උපදෙසක් දෙන්නේ නම් එය පිළිපැදීමට එයට ඇහුම්කම්දීමට තමා සූදානම් බව ද අනර්කලී පවසයි. එහෙත් තමා මැර දේශපාලනය අනුමත නොකරන බව ද ඇය අවධාරණය කළාය.
අනර්කලී ආකර්ෂා අපේක්ෂිකාව පක්ෂයේ ජ්යෙෂ්ඨයන්ට ගරු නොකරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේම එක්තරා අපේක්ෂකයකු විසින් පුවත්පතකට කර තිබූ ප්රකාශයට පිළිතුරු දෙමින් ඇය මේ බව ප්රකාශ කළාය.
මැතිවරණ වේදිකාවල පවත්වන දේශපාලන කතාවලදී එකිනෙකට බැණ වදිමින් මඩගහන්නේ නැතිව තම ප්රතිපත්ති හා වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම ඉතාම වැදගත් දෙය බවත්, තමා කරන්නේ එය බව ද අනර්කලී ආකර්ෂා තවදුරටත් කීවාය.
For bird watching, SriLanka is the best country in the world for it is indeed a birds' paradise. Find a Bird watching vacation in SriLanka.
Showing posts with label අනර්කලී ආකර්ෂා. Show all posts
Showing posts with label අනර්කලී ආකර්ෂා. Show all posts
Tuesday, September 22, 2009
අනර්කලී ආකර්ෂා
Subscribe to:
Posts (Atom)