Friday, January 8, 2010

ශ්‍රී ලංකාවෙන් චන්ද්‍රිකාවක්‌

අමල් උඩවත්ත
http://blog.case.edu/james.chang/2006/09/01/orion_apollo.jpg
"ශ්‍රී ලංකාවට චන්ද්‍රිකාවක්‌ නිපදවන්න හෝ මිල දී ගන්න හෝ හැකියාවක්‌ නෑ. හේතුව චන්ද්‍රිකාවක්‌ නිපදවීමටත් ගුවන්ගත කිරීමටත් අධික මුදලක්‌ වැය කිරීමට සිදු වනවා වගේම දැනුම තිබෙන මානව සම්පත්වල හිඟකමයි. මේ වගේ කටයුත්තක්‌ සිදු කිරීමට රජයේ පූර්ණ අනුග්‍රහය අත්‍යවශ්‍යයි. ඉන්දියාව ආර්ථික අපහසුතා තිබුණත් රාජ්‍ය අනුග්‍රහය ලැබුණු නිසා මේ අභියෝගය ජයගත්තා" යනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්යුත් හා විදුලි සන්දේශ අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කිත්සිරි සමරසිංහ විදුසර සමග කළ සාකච්ඡාවක දී පැවසී ය.http://ovalscream.files.wordpress.com/2009/07/apollo-11-launch.jpg

මෙහි දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ආචාර්ය සමරසිංහ "ශ්‍රී ලංකාව හැරුණු කොට ආසියාවේ බොහෝ රටවලට අයත් චන්ද්‍රිකා හා අභ්‍යවකාශ වැඩසටහන් තිබෙනවා. මේ රටවල් චන්ද්‍රිකා තාක්‌ෂණයෙන් ලෝකය ජයගත්තේ අවුරුදු 10ක්‌ තරම් දිගු සාර්ථක අභ්‍යවකාශ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කළ නිසයි. ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්‌ෂණය දියුණු කරන්න කාලය දැන් ඇවිත්. ඒ සඳහා තිබෙන බාධක අදින් වසර 2කට පමණ පෙර රජයට ඉදිරිපත් කළා. වත්මන් රජය දැන් මේ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහභාගී කරවාගෙන පළමු අදියර සඳහා කළ සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

මෙහි දී එංගලන්තයේ සරේ විශ්වවිද්‍යාලය සමග ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ අනාගතයේ දී ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකාවක්‌ නිර්මාණය කිරීමයි. රටකට මේක ලෙහෙසි පහසු කාර්යයක්‌ නො වෙයි. ඒ නිසා මුලින් ම කළ යුත්තේ සරේ විශ්වවිද්‍යාලයට ශ්‍රී ලංකාවෙන් පර්යේෂකයන් යවා දැනුම හා පුහුණුව ලබා දී ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල මට්‌ටමෙන් පර්යේෂකයන් හා ගුරුවරුන් පුහුණු කිරීමයි. ඒ වගේ ම විදෙස්‌ රටවල චන්ද්‍රිකා පර්යේෂණ හා නිපදවන ආයතනවලට අපේ ශ්‍රී ලාංකිකයින් යවා ඔවුන්ට උපාංග නිපදවීම පිළිබඳව අවබෝධයක්‌ ලබා දී ශ්‍රී ලංකාව තුළ මේ උපාංග නිපදවීමේ කර්මාන්ත ආරම්භ කර ඒවා විදෙස්‌ ආයතවලට යවා ලැබෙන විදෙස්‌ විනිමය චන්ද්‍රිකා නිපදවීමට යෙදවීමයි.

NASCAR Notables 2009

2001-a-space-odyssey-9-160 copy

ආසියාතික රටවල් චන්ද්‍රිකා තාක්‌ෂණයෙන් දියුණු වුණේ මේ ආකාරයටයි. ඒ වගේම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක්‌ තමයි පාසල් ගුරුවරුන්ට මේ දැනුම ලබා දී පාසල් මට්‌ටමෙන් දරුවන්ට දැනුම ලබා දීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීම. මේ සඳහා සුදුසු ම ක්‍රමවේදය තමයි පාසල් විද්‍යා විෂය ධාරාවේ තාක්‍ෂණ විෂයට චන්ද්‍රිකා තාක්‍ෂණය විෂයයක්‌ ලෙස ඇතුළත් කිරීම. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම අත්‍යවශ්‍ය වන්නා සේ ම විදෙස්‌ ආයතනවල ද අනුග්‍රහය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්‌ටමෙන් මේ විෂය ක්‍ෂේත්‍රයේ ආචාර්යවරු පර්යේෂකයන් පුහුණු කළ යුතු සේ ම පාසල් ගුරුවරුන් ද පුහුණු කළ යුතුයි. මේ සඳහා වසර 10ක තරම් දිගු සාර්ථක වැඩසටහනක්‌ තිබිය යුතුයි. එහෙම වුණොත් ඉදිරි දිනක දී ශ්‍රී ලංකාවෙන් චන්ද්‍රිකාවක්‌ නිර්මාණය කර ගුවන්ගත කිරීම අපහසු වෙන්නේ නෑ".

No comments:

Post a Comment